මේ පිළිබඳව අප්‍රේල් 01, 2025 දින පුවත්පත් තුළ වාර්තා වී තිබූ ආකාරයත්, එසේම එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරයත් දැක්විය හැක.

* දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදිය පළ කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් සඳහා අනුබලයක් විය හැක.

* දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරමින් සිදුවන අනුකාරක දිවි තොර කර ගැනීම් ඇති විය හැක.

* දිවි තොර කර ගැනීමේ පුවත් ප්‍රමුඛතාවයෙන් යුතුව පළ කිරීමෙන් ඊට නැඹුරුතාවයක් ඇති අයෙකුට එවැනි ක්‍රියාවකට උත්තේජනය විය හැකියි.

* හදිසි උපකාරක අංක සඳහන් නොකිරීමෙන්, දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති තවත් ජීවිතයක් ගලවා ගැනීමේ ඉඩ කඩ අහිමි විය හැක.

ඒ අනුව,

මෙම පුවත්පත් අතුරින්, මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුවීම වාර්තා කර ඇත්තේ කවුද?

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් – 0717639898 

See less

No photo description available.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This