ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය.ඇගේ ”රූමත්” බව පුවතට අදාළද?

කාන්තාවන් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී, ඇතැම් මාධ්‍ය මගින් බොහෝ විට ඔවුන්ව ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය කිරීමක් සිදුවන බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු. මේ Ethics Eye නිරීක්‍ෂකයෙකු විසින් අප වෙත යොමු කර තිබුණු තවත් එවැනි නිදසුනකි.

ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කළ පළමු නිලධාරිනිය වන පියුමි ජයරත්න පිළිබඳ මාර්තු 08, 2025 හිරු නිවුස් වෙබ් අඩවිය තුළ වාර්තා වී ඇති ආකාරය සලකා බලමු.

1) පුවතට මෙම නිලධාරිනිය “රූමතියක්” බව අදාළ වන්නේ කෙසේ ද? ඇගේ බාහිර රූපය එසේ ඉස්මතු කොට දැක්වීමේ පදනම කුමක්ද?

2) පුරුෂ පාර්ශවය සම්බන්ධ මෙවැනි පුවත් වාර්තා කිරීමේදී අදාළ නොවන බාහිර ස්වරූපය ඉස්මතු කොට දක්වන අයුරු ඔබ දැක තිබේද?

පුවතකට අදාළ නොවන කාන්තා බාහිර ස්වරූපය ඉස්මතු නොකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *