පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබිණි.
ඒත් සමගම ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට යටතේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවට අදාලව මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
මෙම පුවත් දෙක අප්‍රේල් 8, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් සිරස්තල තුළ විවිධාකාරයෙන් වාර්තා වී තිබුණේ මෙසේය.
(YouTube වෙත එක්කොට තිබූ, අප්‍රේල් 8, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)


0 Comments