දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීම

දිවි තොර කර ගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී, එවැන්නක් තවත් එක් පුවතක් ලෙසින් නොසලකමින්, ප්‍රවේසම් සහගතව වාර්තා කළ යුතු බව අපි Ethics Eye තුලින් නිරන්තරයෙන් පෙන්වාදෙන්නෙමු.

මන්ද යත්, නිසි ප්‍රවේසමකින් තොරව, මාධ්‍ය මාර්ගෝපදේශයන් නොතකමින් එවැනි පුවත් වාර්තා කිරීම, තවත් අනුකාරක සිදුවීම් වලට හේතු පාදක විය හැකි බැවිනි.

මෙම පසුතලය මත, පසුගිය දින දෙකෙහි වාර්තා වූ දිවි තොර කර ගැනීම් පිළිබඳ පුවත් කිහිපයක් පහත දක්වා ඇත.

දිවි තොර කර ගැනීම් වාර්තාකරණයදී දිවි තොර කරගත් ආකාරය සඳහන් නොකරන මෙන් දක්වන්නේ, එම ක්‍රමය අනුව අනුකාරක සිදුවීම් ඇතිවීමේ අවදානමක් ද තිබෙන නිසාවෙනි.

එසේම, දිවි තොර කර ගැනීම පිළිබඳ පුවත් වාර්තාවක් සමගින්, හදිසි උපකාරක අංක සඳහන් කරන මෙන් උපදෙස් දෙන්නේ, එය දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් ගලවා ගැනීමට උපකාරයක් විය හැකි බැවිනි.

ඒ අනුව,

මෙම සිදුවීම් කෙතරම් වගකීම් සහගතව මෙම පුවත්පත් වාර්තා කර තිබේ යැයි ඔබ සිතන්නේද?

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

CCCline – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

ශාන්ති මාර්ගම් – 0717639898

Leave a Reply

Your email address will not be published. Required fields are marked *