Category Features

මෙහෙකරුවා ද? සේවකයා ද?

සමාජ චින්තනය හැඩගැස්වීමෙහි ලා භාෂාව ඉටු කරන මෙහෙවට සුළුකොට තැකිය හැකි නොවේ. එසේම, එම භාෂාව සමාජය තුළට ගෙන යෑමට මාධ්‍ය අත රැඳි වගකීම ද එසේම සුළු කොට තැකිය හැකි නොවේ. එහිදී, යම් යම් අතීතයේ භාවිත වූ පසුගාමී යෙදුම්, මාධ්‍ය විසින්…

“මාට්ටු” මාධ්‍යට උචිත ද?

පුවතකට සිරස්තල යෙදීමේදී හැකිතාක් අවම ඉඩක් ගන්නා වචන ගණනකින් අදහස ලබාදීමට උත්සාහ ගැනීම සහ එහිදී නිර්මාණශීලී වීම ගැටළුවක් නොවේ. නමුත්, එහිදී යොදාගන්නා භාෂාව සහ ඉන් ජනිත විය හැකි ආකල්පය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ…

දුම්රිය අනතුරු පිළිබඳ පුවත්

රේල් පීල්ලක් කැඩීම නිසා සිදුවීමට ගිය දුම්රිය අනතුර පුද්ගලයකු වළක්වීමේ පුවත සහ සංඥා පද්ධතියේ දෝෂයක් නිසා වෙනත් දුම්රියක් එම නවතා තිබූ දුම්රියේ ගැටීම රියදුරු විසින් වළක්වීමේ පුවත ජූනි 5, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබුණේ…

උපකාරක අංක සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් දිවි තොර කර ගැනීමට තැත් කිරීමේ පුවතක් මාධ්‍ය ජුනි 04 හා 05 දිනයන්හි වාර්තාකර තිබිණි. දිවි තොර කර ගැනීම් ගැන වාර්තා කිරීමේදී උපකාරක අංක සඳහන් කල යුත්තේ ඇයි? එමඟින් දිවි තොර කර ගැනීමට පෙලඹවීමක් ඇති අයෙකුට,…

ලිංගික අපරාධ සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!

ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ලිංගික අපරාධ සම්බන්ධ වාර්තාකරණයේදී සැළකිල්ලට ගත යුතු වැදගත් නිර්දේශයක් වන්නේ කුමක්ද? ලිංගික අපරාධය සිදු වූ ආකාරය දීර්ඝ වශයෙන් විස්තර නොකීරීම. මෙමඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අයෙකු නැවත කම්පනයට පත්වීමට ඇති අවදානම වළක්වා ගැනීම මෙන්ම…

හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!

වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේ සැමියෙකු විසින් තම බිරිඳ ඝාතනය කර, ඉන්පසු ඔහු පොලිසියට භාර වීමේ පුවතක් මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි. මෙම එකම සිදුවීම සම්බන්ධයෙන්, අරුණ පුවත්පතේ එකම දිනයක (ජුනි 04, 2025) පළ වී තිබුණු පුවත් වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත.…

“දූෂණය” හෝ “කෙළෙසීම”

දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් බොහෝ කාලයක් පුරාවට ලිංගික අපරාධයන් හැඳින්වීමට යොදාගැනුණු බැව් සැබවි. නීති පොත් තුළ පවා තවමත් ලිංගික අපරාධයන් සම්බන්ධයෙන් සඳහන් වන්නේ ‘දූෂණය’ යනුවෙනි. කෙසේ වෙතත්, දූෂණය හෝ කෙළෙසීම වැනි යෙදුම් ඉවතලන්නට කාලය පැමිණි ඇති බව අප පවසනුයේ,…