mediaservices

mediaservices

යුධ ජයග්‍රහණ සහ සැමරීම

ශ්‍රී ලංකාවේ යුධ ගැටුම් අවසන් වී වසර 16ක් පිරීම නිමිත්තෙන් 1) යුධ විරුවන් සැමරීම, 2) යුධ හමුදාවේ මියගිය පිරිස් සිහි කිරීම, සහ 3) මියගිය සිවිල් වැසියන් සිහි කිරීම උදෙසා වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර තිබිණි. යුධ විරුවන් සැමරීම, යුධ…

හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

සංවේදී සිදුවීම් – විශේෂයෙන්ම දරුවන්ගේ මරණ – වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය/sensational) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයන් තුළින්, පාඨකයන්ට පුවතට අදාළ කරුණු පමණක් ග්‍රහණය කරගැනීමේ අවස්ථාව ගිලිහී යෑමට ඉඩ සැලසේ. එය කෙතරම් වගකීම් සහගත…

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීම

කොටෙහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක දිවි තොර කර ගැනීමේ සිදුවීමට අදාළ පුවත මැයි 15 දින රූපවාහිනී පුවත් තුළ සහ මැයි 16, 2025 දින පුවත්පත් තුළ වාර්තා කර තිබිණි. දිවි තොර කර ගැනීම් සම්බන්ධ පුවත් සමග හදිසි උපකාරක අංක පළ කිරීම, දිවි…

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

දිවි තොර කර ගැනීම් හැකිතාක් දුරට මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, සමාජ සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් වාර්තා කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. කෙසේ නමුත් කෙතරම් දුරට මාධ්‍ය මෙය තමන්ගේ වගකීමක් ලෙසින් ගන්නේද යන්න පැනයකි. නිදසුනක් ලෙසට, කොට්ටාවේ…

ටිරාන් හා දේශබන්දු රු. කෝටි තිහක අල්ලස් ඉල්ලූ බවට හරක්කටාගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා සිටි රු. කෝටි තිහක අල්ලස් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව ‘හරක්කටා’ මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශයක් අද දින (මැයි 15, 2025) සිංහල පුවත්පත් තුළ වාර්තා…

සුද්දි – සුදුසු ද?

සංචාරක මඟපෙන්වන්නෙකු විසින් විදේශීය කාන්තාවකට සිදු වූ යැයි කියන අපරාධයක් මැයි 14, 2025 සිංහල පුවත්පත් දෙකක වාර්තා වී තිබුණේ පහත අයුරිනි. *දිවයින – “ඇල්ලට ආ සුද්දිව සුද්ද කර ප්‍රපාතයට තල්ලු කරලා” *මව්බිම – “මත් බීමක් දී සංචාරක කතගේ දේපළ සොරාගත්…

නීතියට පෙර මාධ්‍ය තුළින් වැරදිකරුවන් කිරීමක්?

යම් කිසි අපරාධයක් සඳහා චෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ. එසේ නම්, යම් අපරාධයක් පිළිබඳව…

භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීම් සඳහා රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළව අධිකරණය මඟහරිමින් සිටියදී අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කොට තිබූ එම නඩුවේ හයවැනි සැකකරු වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යන අය නීතිඥයකුගේ මාර්ගයෙන් ඊයේ (07 වැනිදා) මහර…